සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල පිහිටි නිවසට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබෙනවා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් නිවසේ සිටිය දී මෙම නිලධරීන් නිවස ඉදිරිපිට සිටිනු දුටු බවයි.

පසුව ඔවුන් කිහිපදෙනෙක් නිවසට කැඳවා ගත් බවත් රැස්වීමක් පැවැත්වෙන බවට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් තමන්ගෙන් විමසා සිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා. එවැනි රැස්වීමක් නොමති බව දැනුම් දීමෙන් අනතුරුව විසිපස් දෙනෙක්ගෙන් පමණ සමන්විත පොලිස් කණ්ඩායම නිවසින් පිටත්ව ගිය බවද මන්ත්‍රීවරයා පැවසුවා.