නීති විරෝධී කටයුතු සදහා තමන් හෝ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය හෝ කිසිදු සහායක් නොදක්වන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ තමන්ගේ මැදිහත්වීමෙන් මඩකලපුව දිස්ත්‍රික්යේ වැලි ජාවාරමක් සිදුවන බවට එල්ලවන චෝදනා ගැන මාධ්‍යය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

රාජපක්ෂ නම භාවිතා කිරීමෙන් අවධානය ලැබෙන නිසා විපක්ෂය මෙවැනි චෝදනා තැනින් තැන සිදු කරන නමුත් පොලිසියට කිසිඳු පැමිණිල්ලක් නොකරන බවයි ඔහු පවසන්නේ. කවුරුන්හෝ සිය නම භාවිතා කර එලෙස යමක් සිදුකරන්නේ නම් ඒ සම්බන්ධව පැමිණිලි කරහොත් සාකිෂි දීමට තමන්ද පැමිණෙන බවත් ඔහු පවසනවා.