මේ වසර අවසානයේදී ආර්ථිකයේ පිබිදීමක් ඇති වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ සපයාගැනීමට මුදල් හිගතාවයක් කිසිසේත්ම රට තුළ නැති බව ද පවසයි.

එමෙන්ම 2022 වසර ඉතාම සුබදායක වර්ෂයක් වනු ඇතැයිද පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත්කර ඇත්තේ ලියාපදිංචි නොවන අය විසින් භාණ්ඩ රැස්කර භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා බවද ඔහු එහිදී පැවසීය.