පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් පසු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් අලුතින් පිහිටුවන ලද සහ මතභේදයට තුඩු දුන් සියොලිට් (පුද්ගලික) ගෑස් සමාගම ජනාධිපති ලේකම් පීබී. ජයසුන්දර විසින් විසුරුවා හැර ඇති බව දැනගන්නට තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර පසුගිය සතියේ සාකච්ජාවක් අවසානයේදී මෙම විසුරුවා හැරීමේ තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.

සියොලිට් (පුද්ගලික) සමාගම විසින් රජය විසින් මෙහෙයවනු ලබන ලිට්රෝ ගෑස් ලංකා සමාගමට බලපෑම් කිරීමට සූදානම් වී ඇති බවත්, ලාෆ්ස් සමාගමට වාසි සහගත ලෙස ගිවිසුම් සකස් කොට තිබීම මේ සදහා හේතු වී ඇති බවත් පැවසේ.

භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ කැමැත්ත මත මෙම සමාගම පිහිටුවා ඇති බවද වාර්තා වේ.

– උපුටා ගැනීම මවුරට පුවත්පත