දෙසැම්බර් මාසයේදී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය තවමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඒ අනුව මහ බැංකු අධිපතිවරයා උපකල්පනයක් පමණක් සිදු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගියදා මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, දෙසැම්බර් මාසය වන විට වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.