මොළ හතේ මුදල් ඇමති කෝ? පරිප්පු 240යි – සීනි 220යි – රෝහිණී කවිරත්න

‘රුපියල් 65 ට රටට ගොඩබාපු සීනි කිලෝව අද රු. 220 ට විකුණනවා. රු. 84 ට තිබ්බ පරිප්පු අද, 240 යි. ඇමති කියනවා අසධාරණයි, හැබැයි කරන්න දෙයක් නෑ කියලා. බැංකු, මුල්‍ය ආයතන, ලැයිස්තුගත සමාගම්වල ගිණුම් වාර්තා පත්තරවල යනවා. ඔවුන්ගේ ලාභය දෙතුන් ගුණයකින් වැඩිවෙලා. සිය ව්‍යාපාරික ගජමිතුරන්ට ලාභ හොයන්න බදු සහන දුන්...