කොළඹ වරාය නගරය: කොලනියක් ද? ප්‍රාන්තයක් ද? වෙනම විසා ඕනෑද ද?

කොළඹ වරාය නගරය නැවතත් ජනතාව අතර සාකච්ඡාව සඳහා මාතෘකා සපයා ඇත. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ මතුවනු ඇතැයි කියන තත්ත්ව සම්බන්ධ චෝදනා එල්ලවීමත් සමගය. අදාළ පනත හරහා එම භූමී ප්‍රදේශය චීන කොලනියක් වන අතර එය රටේ කොටසක් ලෙස නොව වෙනමම කලාපයක් ලෙස...