පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ හෙළිදරව්වක්. – 10.07.2025

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකදී, මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන් කළා. ඔහු මේ බව පැවැසුවේ, විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරමින්, පාර්ලිමේන්තුවේ පැවැත්වූ කල් තැබීමේ විවාදයකදීය.