ලොහාන් රත්වත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් මෙරට දේශපාලන සංස්කෘතියට ලබාදී ඇත්තේ ආදර්ශයක් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. වැරදි සිදුවීමට හැකි බවත් එම වරද පිළිගෙන නිහතමානීව එම තනතුරෙන් ඉල්ලා අස්වීම වැදගත් බවයි විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ලොහාන් රත්වත්තේ බන්ධනාගාර අමාත්‍ය ධූරයෙන් පමණක් ඉවත් වී මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යධූරයේ තවදුරටත්...