තානාපතිවරු යළි සේවයේ පිහිටුවීමට බයිඩන්– පුටින් ජනපතිවරු එකඟ වෙති

සයිබර් ආරක්ෂාව සහ න්‍යෂ්ටික අවි පාලනය සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට රුසියා – අමෙරිකානු ජනාධිපතිවරුන් එකඟතාවකට පැමිණ තිබේ. ඒ, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර විලා ලා ග්‍රේන්ජ් හිදී පැවති නායකයින් දෙපළගේ මංගල හමුවේදීයී. පැය තුනක කාලයක් පුරා පැවති සාකච්ඡාව, මිත්‍රශීලීත්වයෙන් තොර වෘත්තීයමය සාකච්ඡාවක් වූ බව, විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. සිය රට කැඳවූ...