කෝවිඩ් අර්බුදය, නව දරිද්‍රතාව සහ සමාජ ආරක්‍ෂණ ප්‍රතිපත්තිවල අවශ්‍යතාව – ජයදේව උයන්ගොඩ

ළඟදී දිනෙක, දේශෝදය ව්‍යාපාරයේ සභාපති වින්යා ආරියරත්න මහතා සමග මා කළ දූරකථන සාකච්ඡාවකදී, කෝවිඩ් අර්බුදය විසින්ද, රටේ උග්‍රවන ආර්ථික අර්බුදය විසින්ද ඇතිකරනු ලැබ තිබෙන සමාජ අර්බුදය තියුණු වීම පිළිබඳ එතුමාට මා අසා ඇති තොරතුරු ටිකක් ලබා දුන්නෙමි. ඒ වෙතින් අප දෙදෙනා අතර සිදුවූ සාකච්ඡාවේදී, ලංකාවේ මේ වනවිට මතුවී තිබෙන ‘නව...