පාසැල් විවෘත කිරීමට සුදුසු වාතාවරණයක් නැහැ – වෛද්‍ය හේමන්ත හේරත්

පාසල් විවෘත කිරීම සඳහා සුදුසු වාතාවරණයක් තවමත් නිර්මාණය වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. ඒ අනුව අධ්‍යාපන බලධාරීන් විසින් ඊට සුදුසු වාතාවරණයක් සකසා සෞඛ්‍ය බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් පෙන්නුම් කළ හොත් පාසල් විවෘත කිරීමට අනුමැතිය ලබාදිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.