දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව පිරිනැමීමට තෝරා ගනු ලැබූ පදනම හෙළිකරන්න – නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

මරණ දණ්ඩනයට නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව පිරිනැමීමට තෝරා ගනු ලැබූ පදනම ජනතාවගේ දැන ගැනීම සදහා හෙළි කරන ලෙසට ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ අනුව  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 (1) ව්‍යවස්ථාව යටතේ සමාව ලබා දීම...