චීන බැංකුවේ මූලස්ථානයක් පෝට් සිටියට

චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයේ පිහිටුවීම සදහා සියලු පහසුකම් සැලසීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත. මෙරට ආයෝජන අවස්ථා සදහා චීනයේ සහය අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. ඔහු මෙසේ පවසා ඇත්තේ චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කතානායක)...