අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා විසින් අගෝස්තු 30 වන දා මධ්‍යම රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය මගින් හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇතැයි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ.

“1959 අංක 8 දරන පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාර ඒ ආඥාපනතේ ෂෂ වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින් එහි 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව” ජනාධිපතිවරයා විසින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබිණි.

ඒ අනුව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ, රටට ආරක්ෂාව සම්බන්ධයෙන් අභියෝගයක් ඇත්නම් පමණක් බවය.

“ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිතුමා හදිසි නීති දැන් ක්‍රියාත්මක පරිදි part 2 එක operation එකට ගෙනැල්ලා තියෙන්නේ. මෙම පනත යටතේ, රටට අභියෝගයක් තියෙනවා නම් ආරක්ෂක සඳහා තිබුණොත් පමණයි මහජන ආරක්ෂක පනත යටතේ මෙහෙම කරන්න පුළුවන්. එනමුත් food suplies essential services කරන්නට මේක කරා කියලා කියනවා. මේක යටතේ දැන් ජනාධිපතිතුමාට පුළුවන් වෙන වෙන නීති හදලා ඒවා ක්‍රියාත්මක කරන්න.”