මේ අවස්ථාවේදී ජනතාවට අවශ්‍ය වන්නේ තුන්වේලට අවශ්‍ය ආහාර සපයා ගැනීම බව වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඒ, ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ඇපල්, චීස්, බටර්, ෆෝන් ඇතුළුව අධිසුඛෝපභෝගී භාණ්ඩ රැසකට ආනයන සීමා පැනවූ නමුත්විපක්ෂය අවධානය යොමු කරන්නේ යට ඇඳුම් වෙත පමණක් බවයි ඔහු පවසන්නේ.

“ඒවා අවශ්‍යයි. ඒත් මේ වෙලාවේ අවශ්‍ය නොවන භාණ්ඩ රාශියක් තිබුණා. එතකොට මේකෙන් තෝරගත්තේ යට ඇඳුම දැන් මට තියෙන ප්‍රශ්නය ලංකාවේ යට ඇඳුම් මහන්නේ නැද්ද? ලංකාවේ යට ඇඳුම් මහනවා. අර මහරගම පමුණුවේ යට ඇඳුම් තියෙනවා.” යැයි ඔහු පවසයි.