වත්මන් රජය සුද්දන්ගේ යට ඇඳුම් නොඅඳින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසනවා.

ඒ ඊයේ (10) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ශ්‍රී ලංකාව යනු අතීතයේ පවා දියුණු රටක් බවත් විජය කුමාරයා ඉන්දියාවේ සිට පැමිණ මෙරටට ගොඩ බසින විටත් කුවේණිය කපු කටිමින් සිටි බවට ජනප්‍රවාදයේ සඳහන් වන බවත් ඔහු පෙන්වා දෙනවා.

“විපක්ෂය කවදත් කළේ චීත්ත අඳින එකයි, යට ඇඳුම් අඳින එකයි තමයි. අපිට මේ ප්‍රකාශ වලින් පේනවා ඒක” යැයි ඒ මහතා අවධාරණය කර සිටිනවා.

ස්ථාවර හා ජංගම දුරකතන, විදුලි පංකා, රූපවාහිනි යන්ත්‍ර, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, ඩිජිටල් කැමරා, ළඳරු ඇඳුම්, යට ඇඳුම්, රබර් ටයර්, වායු සමීකරණ යන්ත්‍ර, ඇපල්, මිදි, පලතුරු යුෂ, බියර්, වයින්, චොකලට්, චීස්, බටර්, දුම්කොළ නිෂ්පාදන ඇතුළු භාණ්ඩ රැසක් අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ගණයෙහි ලා සලකා ඒවා ආනයනය කිරීමේ දී 100% ආන්තික මුදල් තැන්පතු වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට මුදල් මණ්ඩලය තිරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙරේදා (09) නිවේදනය කර සිටියා.

විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළේ ද්‍රවශීලතාව රැක ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටියේ.