රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා මිලින්ද රාජපක්ෂව පත්කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ පත්වීම් ලිපිය අද (21) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අතින් මිලින්ද රාජපක්ෂ ප්‍රදානය කරනු ලැබූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඔහු මීට පෙර ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කළා.

එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිපික් කලාපීය ප්‍රතිපත්ති පිළිබඳ විශ්ලේෂකයෙකු මෙන්ම ලෝක තරුණ සමුළුවේ ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුවේ සම සභාපතිවරයා ලෙසද මිලින්ද රාජපක්ෂ කටයුතු කර තිබෙනවා.