ඓතිහාසික, පෞරාණික සහ පාරිසරික වටිනාකමකින් යුත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම කිසිසේත්ම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

කුමන හේතුවක් මත හෝ ඓතිහාසික වැව් බැමිවලට අත තැබීම සුදුසු නොවන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

වැව් බැමි පරිස්සම් කළ යුතු බවත් ඒවා පූජනීය වස්තූන් වන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කළා.