වත්මන් රජය යටතේ මෙරට ආයතන ව්‍යහය විනාශ වී ඇති බව සමගි ජන බලවේගයට සම්බන්ධ සමගි තරුණ බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කනිෂ්ක ලැනරෝල් පවසනවා.

ඒ, ඊයේ (24) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කනිෂ්ක ලැනරෝල් ,

“පොලිස් කොමිසම දැන් ඉවරයි. හෙංචයියො ටිකක් දාගෙන ඉන්නෙ. මානව හිමකම් කොමිෂන් සභාවෙ සභාපති ඉන්නේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමති කෙනෙක් වෙන තාරක බාලසූරියගේ තාත්තා. අනේ ඒ මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණ කරනවලු ලොහාන් රත්වත්තෙට විරුද්ධව. ඒ කියන්නේ, ආණ්ඩුවේ රාජ්‍ය ඇමති කෙනෙක්ට විරුද්ධව පරීක්ෂණ කරන්නේ ආණ්ඩුවෙම රාජ්‍ය ඇමති කෙනෙක්ගෙ තාත්තා සභාපති වෙච්ච මානව හිමිකම් කොමිසම. හොරාගෙ අම්මගෙන් පේන අහනවා නෙවෙයි හොරාගෙ ආච්චි අම්මගෙන් මුං පේන අහන්න යන්නේ.”