ජයන්ත කැටගොඩ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 10.00ට ආරම්භ වූ අතර සභාවේ පළමු කටයුත්ත ලෙස ජයන්ත කැටගොඩගේ දිවුරුම්දීම සිදුකෙරුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ජයන්ත කැටගොඩ එලෙස දිවුරුම් දෙනු ලැබීය. 

ජයන්ත කැටගොඩ 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙකු ලෙස මීට පෙර ද කටයුතු කළ අතර බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව ජයන්ත කැටගොඩ මෙලෙස එම සභාවාරය තුළ පාර්ලිමේන්තුවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ දෙවන වරටය.