වී සඳහා ලබාදී තිබූ උපරිම මිල අවුරුදු 02ක් ඇතුළත රුපියල් 25කින් ඉහළ නංවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔහු සඳහන් කළේ එවැනි පසුබිමක ගොවීන් උද්ඝෝෂණය කිරීමට සූදානම් වුවහොත් වෙළඳ අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සහල් පිටරටින් ගෙන්වීමට කටයුතු කරනු ඇති බවය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (17) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“මම කෘෂිකර්ම ඇමති හැටියට මේ සහල් ආනයනය කිරීම නතර කරගෙන ඉන්නේ. ඒ් නිසා ගොවියෝ වී විකුණන්නේ නැතුව හිටියොත් රජයට සහල් ආනයනය කරන්න පුළුවන්.”