අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

ඔහු අද උදෑසන බම්බලපිටිය පොලිසියට භාරවී ඇති බවයි වාර්තා වන්නේ. ඔහු විසින් පහර දුන් බවට පුද්ගලයෙකු සිදු කළ පැමිණිල්ලකට අදාළව මොහු අත්අඩංගුවට ගත්තා.

බම්බලපිටිය කොතලාවල ඇවිනිව් හි ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට නගරාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පසුගියදා පහර දීමක් සිදු කර තිබුණා.