මත්පැන් අලෙවිසැල් විවෘත කළේ කවුරුන් ද යන්න තමන් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් වන වගකීම තමා භාරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

මත් වතුර පානය කිරීම නීති දමා නැවැත්විය නොහැකි අතර බොන පුද්ගලයින් බොන බවත් නොබොන පුද්ගලයින් නොබී සිටිය යුතු බවද ඔහු සඳහන් කළා. මෙහිදී ආර්ථිකය නගාසිටුවීම යෝජනා කිහිපයක්ද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළා.

ඒ අනුව වල්ලපට්ටා ශාක අක්කර ගණනින් වගා කිරීමට අවසර දිය යුතු බවත් ගංජා ශාකයද වගා කිරීමට අවසර දිය යුතු බවද ඔහු සඳහන් කළා.

ගංජා තුළින් ප්‍රතිශක්තිය නිපදවන බවත් කොලොස්ටරෝල් සහ සීනිවලට එය ගුණදායක බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.