මේ වනවිට ග්‍රාමීය ප්‍රදේශවල නීතිවිරෝධි මත්පැන් එන්න එන්නම වැඩි වී ඇති බවත් එම මත්පැන් වර්ග පානය කිරීමෙන් ජනතාව රෝගීන් බවට පත් වන බවත් එය විශාල ප්‍රශ්නයක් බවත්  වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

ඊයේ සිට රට පුරා වයින් ස්ටෝර්ස් සහ බීර කෑන් සහ බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර දීම පිළිබඳව අද (18) කළුතරදී අදහස් පළකරමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

අතේ මැදල් නැතැයි, කියමින් රජයෙන් දීමනා ඉල්ලුව ද බාර් විවෘත කිරීමත් සමග මත්පැන් අලෙවිසැල් අසල දිගු පෝළිම් දක්නට ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

”රජයෙන් අවසරයක් නොදි බාර් අරින්න බෑනේ. රජයෙන් අවසරයක් දුන්නම තමයි ඒ මත්පැන් හල් විවෘත්ත කරලා තියෙන්නේ. ලියාපදිංච් තැන්, විවෘත්ත කිරිමක් කරලා තියෙනවා.  දෙයිහාමුදුරුවනේ සල්ලි නෑ.. සල්ලි නෑ.. කිව්වට බලන්න ඇපැයි බාර් ගාවට ගියාම, දැන් අපෙන් කියනවා රුපියල් 2000 ක් දෙන්න කියනවා කන්න නෑ කියලා 5000 ක් දෙන්න කියනවා.බාර් ටික ඇරලා තිබුනාම මගේ අම්මේ ඊයේ කිලෝ මිටර් එක හමාරක් විතර තිබුණා පෝලිම”

රට රකින ජන හඬ සංවිධානයේ සභාපති පූ ජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනනන්ද හිමියන්ද මත්පැන් අලෙවිසැල් විවෘත් කිරීම අවසර දීම සම්බන්ධයෙන් අදහස් පළ කළහ.

උන්වහන්සේ පවසන්නේ, පළමු වනදා තෙක් රට වැසීමේ තීරණය මත නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූවා නම්, මත්පැන් හල් අසල එතරම් පෝලිම් ඇති නොවන බවයි.

චක්‍රලේකයට පමණක් සීමා නොවී නීතිය නිසි ලෙස කියාත්මක වන්නේ නම්, රට මෙතරම් දුර්වල නොවන බවයි.

”කවදාවත් නැති විදිහේ මත්පැන් පෝලිමක් තමයි. ඊයේ ඇති වෙලා තිබුනේ. නීතිය හරියට ක්‍රියාත්මක වුනා නම්. මේ පලමු වනදා දක්වා මේ රට වහානවා කියන මේ සංකල්පය තුල අච්චර මත්පැන් හල් පිරී ඉතිරි යයිද ? පොර කකා ඒ මත් පැන් ගත්තේ අපි මේ යන්නේ කෙහාටද ? අපි කියනවා පාලකයින්ට නීතිය රීතිය , චක්‍රලේකයට කඩදාසියට පමණක් සීමා කරන්නේ නැතුව කියාත්මක වුණොත් තියෙන නීතිය රට මෙච්චර දුර්වල වෙන්නේ නෑ”

කෙසේවෙතත් වයින් ස්ටෝර්ස් සහ බීර කෑන් සහ බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරිමට අවසර දී ඇති බව (17) සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

සාමාන්‍ය පරිදි වයින් ස්ටෝර්ස් සහ බීර කෑන් සහ බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ (17) දිනයි.