ට වසා දැමීම තුලින් කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා කිසිදු ප්‍රතිඵලයක් ගෙන දී නොමැති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

රට වසා දැමීම හේතුවෙන් කුඩා දරුවන්, තරුණයන් ඇතුලු විවිධ සමාජ කණ්ඩායම් විශාල මානසික පීඩනයකට පත්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

ලොවපුරා මහාචාර්යවරුන් 6000 ක් එකතු වී ලොක්ඩවුන් වැනි නීතිවලට එරෙහිව පෙත්සමක් අත්සන් කර ඇති බවත් රටවල් වසා දැමීම නිසා විශේෂයෙන් තරුණයන්, දරුවන් අතර මානසික රෝග ඉහළ යාම, සියදිවි නසා ගැනීම් බහුලව වාර්තා වීම වැනි තත්වයක් පිළිබඳව එම මහාචාර්යවරුන් පෙන්වා දෙන බවත් දිසානායක පවසනවා.

ඊයේ දිනයේදී තමා සිදුකළ ප්‍රකාශයේ අරමුණ වූයේ ‍කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති අනියත බිය නැති කිරීම බවද මන්ත්‍රීවරයා පවසනවා.

එම ප්‍රකාශය හේතුවෙන් ඇතැම් පුද්ගලයන් දැඩිලෙස කලබලයට පත්ව ඇති බවත්, තමා විවේචනයට ලක්ව ඇති බවත් දිසානායක වැඩිදුරටත් පවසා සිටි.