මුදල් අමාත්‍ය බැසිල් රාජාක්ෂ මහතා නොවැම්බර් මාසයේදී විප්ලවකාරී, කිසිවෙකුටත් සිතාගත නොහැකි ඇලඩින්ගේ පුදුම පහන වැනි අය්වැයක් ඉදිරිපත් කරනු ඇතැයි අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කලා. ඒ අද පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී.

දැනටමත් අමාත්‍යංශවල වියදම් කපාහරිමින් මුදල් අමාත්‍යවරයා වශයෙන් බුද්ධිමත් ලෙස බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියාකරමින් සිටින බවද ඔහු එහිදී ප්‍රකාශ කලා.