JUST IN: අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට මහ බැංකුව පැනවූ සීමා ඉවත් කරයි

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ සීමා අද (01) සිට ඉවත් කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. ඒ අනුව, අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ස්වභාවයේ තෝරා ගත් භාණ්ඩ ආනයනය කිරීමේදී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණය අහෝසි වනු...