ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා.

මේ හේතුවෙන් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි සිය නිල නිවසේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

ඒ, අද සවස 5 සිට රාත්‍රී 7 දක්වා මුළු දිවයිනම ආවරණය පන පරිදි Zoom ඔස්සේයි.

ඉන්පසු කොළඹ විශ්වවිද්‍යාලයීය දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ධම්ම දිසානායක ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් විද්වත් කතිකාවක් ද පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඉන් අනතුරුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද අදහස් දැක්වීමට නියමිතයි.