කොවිඩ් වසංගතය පැමිණෙද්දී යහපාලන රජයක් තිබිණි නම් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඝාතනය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජ මාධ්‍ය මෙහෙයුම් ප්‍රධානියෙකු සහ එම පක්ෂයේ කොළඹ නගරසභා මන්ත්‍රීවරයකු වන මිලින්ද රාජපක්ෂ පවසයි.

එමෙන්ම යුධමය වාතාවරණයකදී වුවද ආර්ථිකය නිසි පරිදි හැසිරවූ විද්වතුන් වර්තමානයේදී ද ආර්ථිකය හැසිරවීම නිසාවෙන් මෙවර කොවිඩ් වසංගතය තුලදීද ආර්ථිකය ගැන යහපත් බලාපොරොත්තු තබා ගත හැකි බව ඔහු පවසයි.