කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් වලින් 40%ක් ඇමරිකාවට පැවරුවද එහි පාලන බලය රජය සතු වන බවට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහතික වූ බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

ඒ අනුව, මුදල් අමාත්‍යවරයා සහ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී හෙළිවූ අයුරින් අදාල ඇමරිකානු සමාගමට යුගදනවි විදුලි බලාගාරයේ පාලන බලයක් නොලැබේ නම් එය සලකා බැලිය හැකි තත්වයක් බවයි ඒ මහතා පවසන්නේ.

කෙසේ නමුත් අදාල ගිවිසුම අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කළ යුතුව ඇති බවත් ඔහු පවසනවා.

තවද, බලාගාරය වසර 15කට පසු නැවතත් විදුලි බල මණ්ඩලය සතු වන බවත් ඔහු අවධාරණය කර සිටිනවා.