එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණයෙන් පසු පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් පක්ෂයකට සහයෝග දැක්වීම නිසා නගර සභා පළාත් පාලන ආයතන වල  මන්ත්‍රීවරුන් 130 දෙනෙකු ධූර වලින් නෙරපීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගත් බව එජාප මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතාගෙන් කල විමසිමකදි පැවැසිය.

මේ අතර මහනුවර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු තිදෙනෙකු ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හයක මන්ත්‍රීවරු 35 දෙනෙකු මන්ත්‍රී ධූර වලින් නෙරපීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගත් බවද මහලේකම් වරයා පැවැසිය.

මහනුවර මහ නගර සභාව,හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව,ගම්පොළ නගර සභාව,උඩ පළාත ප්‍රාදේශීය සභාව,තෙල්දෙණිය ප්‍රාදේශීය සභාව සහ ගඟවට කෝරාළය ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරු පිරිසක් මෙලෙස ඉවත්කර තිබේ.