කොවිඞ් රෝගය හේතුවෙන් ඉකුත් අගෝස්තු 31 දක්වා මියගිය පුද්ගලයන් 2417 දෙනකුගේ ආදාහන කටයුතු වෙනුවෙන් 1,20,85,000 ඒ ඒ ආදාහනාගාර අයත් පළාත් පාලන ආයතනවලට ලබාදීමට පියවර ගත් බව පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

එක් ආදාහනයකට රුපියල් 5000 බැගින්  පුද්ගලයන් 2417ක් වෙනුවෙන් එම මුදල ලබා දී ඇත.පළාත් පාලන ආයතන 69 ක් සඳහා මෙම මුදල් යොමු කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය. 

දකුණු පලාතේ මරණ 537ක්, සබරගමුව මරණ 488 ක්, බස්නාහිර 399 ක්, වයඹ 260 ක්, මධ්‍යම 260 ක්, ඌව 171 ක්, උතුරු මැද 100 හා නැගෙනහිර පළාතේ 71 ක් වශයෙන් ආදාහන සඳහා මෙම මුදල් වැය කර ඇත. 

අවශ්‍යතාව මත  ඕනෑම අවස්ථාවක කොවිඞ් මරණ ආදාහනය සඳහා  වැය කරන මුදල් ප‍්‍රමාදයකින් තොරව කඩිනමනි ඒ ඒ පලාත් පලන ආයතන වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන් බව ද හෙතෙම සඳහන් කළේය.