ශ්‍රී ලංකාව මේ දිනවල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇති පසුබිමක එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය විවිධ උපක්‍රම අත්හදා බලමින් සිටින බව නොරහසකි.

ශ්‍රී ලංකාව මේ දිනවල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇති පසුබිමක එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය විවිධ උපක්‍රම අත්හදා බලමින් සිටින බව නොරහසකි.

ආනයන තහනම් කිරීම හරහා රටෙන් බැහැරට විදේශ විනිමය ගලායාම නැවැත්වීම හා විවිධ මාර්ගවලින් ණය ලබාගැනීම ද ඊට අයත් වේ. එහෙත් පවතින ගෝලීය අර්බුදය හමුවේ විදේශ ණය වෙළෙඳපොළෙන් ණය ලබාගැනීම අවාසි සගත බැවින් විවිධ රටවල් සමග විදේශ මුදල් හුවමාරු සදහා එළැඹීමට පියවර ගෙන තිබේ.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමග මෙවැනි මුල්‍ය ගනුදෙනුවකට යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පළවිණි.

මුදල් හුවමාරුවක් (currency swap), යම් යම් සුළු වෙනස්කම් තිබුණද එෆ්එක්ස් (FX swap) නැතහොත් විදේශ මුදල් හුවමාරුවක් ලෙසද හැඳින්වේ, එය විදේශීය පාර්ශව දෙකක් අතර විදේශ මුදල් හුවමාරු කිරීමේ ගිවිසුමකි.

ගිවිසුමට අනුව දෙපාර්ශවය එකඟ වන මුදල් ඒකකයකින් ණය මුදලක් සඳහා වන මූලික මුදල නැතහොත් ප්‍රාග්ධනය ලබා ගැනේ. ඒ අනුව එකඟවන ඉදිරි දිනකදී අදාළ ණය මුදල සහ පොලිය ගෙවීම සඳහා වෙනත් මුදල් ඒකකයකින් තැන්පත් කෙරේ. ඒ අනුව එක් පාර්ශ්වයක් දෙවන පාර්ශවයකින් එකඟ වූ මුදල් ඒකකයකින් ණයට ගන්නා අතර එය එම අවස්ථාවේම එම ණය දුන් පාර්ශවයට තවත් මුදල් ඒකකයකින් ණයක් ලෙස ලබා දෙයි.

විදේශ මුදල් හුවමාරුවකදී පාර්ශව දෙකක් එකිනෙකා සමඟ සමාන මුදල් ප්‍රමාණයක් හුවමාරු කර ගන්නා නමුත් විවිධ මුදල් ඒකක වලින් කරන ගනුදෙනුවකි. පාර්ශවයන් මූලික වශයෙන් එකිනෙකාට ණය ලබා දෙන අතර නියමිත දිනට හා විනිමය අනුපාතයට එම මුදල් ආපසු එම මූලික මුදල් ඒකක වලින්ම ගෙවනු ලබයි.

දෙරටේ අගමැතිවරුන්

විදේශ මුදල් හුවමාරුවක අරමුණු

  • විදේශ විනිමය සංචිත වර්ධනය කරගත හැකිවීම
  • විනිමය අනුපාත අවදානමට නිරාවරණය වීම අවම කිරීම
  • මුදලේ දිශානතිය අනුමාන කිරීම හෝ විදේශ මුදල්වලින් ණයට ගැනීමේ පිරිවැය අඩු කිරීම.
  • මුදල් හුවමාරුවක් හරහා විදේශ මුල්‍ය වෙළෙඳපොළෙන් ලබාගන්නා ණය මුදලකට වඩා වාසිදායක පොලී අනුපාත යටතේ විදේශ මුදල්වලින් ලාභදායී ණයක් ලබා ගැනීමට හැකි වීම
  • විනිමය අනුපාතවල අපේක්ෂිත උච්ඡාවචනයන්ට නිරාවරණය වීම අඩු කිරීම සඳහා සමහර ආයතන හෝ රටවල් මුදල් හුවමාරු භාවිත කරයි.

විදේශ මුදල් හුවමාරුවලට සම්බන්ධ පාර්ශව සාමාන්‍යයෙන් රජයන් හෝ මූල්‍ය ආයතන වන අතර ඒවා තනිවම හෝ මූල්‍යමය නොවන සංස්ථාවක් වෙනුවෙන් වෙළෙඳාම් කරයි. ජාත්‍යන්තර බේරුම්කරණ බැංකුවට අනුව, මුදල් හුවමාරුව සහ විදේශ මුදලින් (FX) ඉදිරි දිනකදී කෙරෙන කටයුතුවලදී ගෝලීය මුදල් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු වලින් වැඩි ප්‍රමාණයක් සඳහා දායක වේ.

ලෝක බැංකුව ප්‍රථම වරට මුදල් හුවමාරුව හඳුන්වා දුන්නේ 1981 දී ජර්මානු ඩොයිෂ් මාක් මුදල් සහ ස්විස් ෆ්‍රෑන්ක් ලබා ගැනීමේ උත්සාහයක් වශයෙනි. අවුරුදු 10 ක් තරම් කල් පිරෙන ණය සහිත ණය මත මෙම ආකාරයේ හුවමාරුවක් කළ හැකිය.