ජගත් මනුවර්ණ.
ආණ්ඩුව පෙරළීමට විපක්ෂයට හැකියාවක් නැහැ; එය සිහිනයක් පමණයි.
“ආණ්ඩුව පෙරළනවා වැනි දේවල්, ඔවුන් හීනෙන් දැක්කොත් මිස ඇත්ත ලෝකයේ සිදුවන දේවල් නොවේ” යනුවෙන් ප්‍රකාශ කරන්නේ, “යම් අයකු සිරගත වන විට පවුලේ අයට වේදනාවක් ඇතිවිය හැකියි. ඔවුන් කළ අපරාධ හා වැරදි ඔවුන් දන්නා නිසා, තමන් සිරගත වේ යැයි බියක් තිබිය හැකියි” යන්නයි.
“නීති ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම අපි මැදිහත් වන්නේ නැහැ. මේවා උසාවියේ විභාග වන නඩු. අදාළ අත්අඩංගුවට ගැනීම් හා දඬුවම් සිදුවෙනවා. අපට එය නැවැත්විය නොහැකියි. එය අධිකරණ ක්‍රියාවලියක්. එය නවත්වන්න උත්සාහ කරන්නේ නම්, එය දේශපාලන මැදිහත්වීමක්.”
“කිසිවක් වෙනස් වන්නේ නැහැ. නීතිය ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා, අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි, සිරගත විය යුතු අය සිරගත වන්නේ – දඬුවම් ලැබිය යුතු අය දඬුවම් ලබන්නේ. අපට ඔවුන් සමඟ කිසිම පෞද්ගලික වෛරයක් නැහැ.”
“දුකට කියන කතා තිබෙනවා. නමුත් මේ ආණ්ඩුව පෙරළන්න නම්, අපිට වඩා හොඳ වී පෙන්වන්න.” යැයි අභියෝග කරමින්, “අපිට වඩා හොඳ වූ දවසක මේ ආණ්ඩුව ඔවුන්ට ලබාගත හැකි වනු ඇති බවට” ප්‍රකාශ කෙරේ.
