22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන බව නීතිඥ පාලිත සේනාධීර මහතා ප්‍රකාශ කරන ලදී.
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ, 22 වන සංශෝධනය සම්බන්ධයෙන් පවතින බව කියන අසත්‍ය හා ද්වේශසහගත ප්‍රචාරවලට එරෙහිව අතුරු පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
නීතිඥවරයා පෙන්වා දෙනු ලබන්නේ, අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ මූලික ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105, 107, 115 සහ 125 වැනි ව්‍යවස්ථාවලින් ආරක්ෂා කර ඇති බවය.
එමෙන්ම, යෝජිත සංශෝධන මඟින් විනිසුරුවරුන්ගේ වයස් සීමාව වෙනස් කිරීම හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට පළවන මතයද ව්‍යවස්ථානුකූල නොවන බව ඔහු සඳහන් කළේය.
තවද, අගවිනිසුරුවරයාට අධිකරණයේ සංයුතිය තීරණය කිරීමට සහ නඩු කටයුතු මෙහෙයවීමට ඇති බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 වන ව්‍යවස්ථාවෙන් පැහැදිලිව තහවුරු කර ඇති බවද ඔහු පැවසීය.
මෙම කරුණු සම්බන්ධයෙන් පළවන ඇතැම් ප්‍රකාශ “අසත්‍ය සහ තමන්ගේ වාසියට යොදාගන්නා ප්‍රචාර” බව නීතිඥ පාලිත සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>




