අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීම ඊයේ (10) සිදු කෙරුණු අතර, එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පිරිසිදු පානීය ජලය ජනතාවට ලබාදීම රජයේ ප්‍රමුඛතාවක් බව අවධාරණය කළේය.
වකුගඩු රෝගය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බැවින්, විශේෂයෙන් ග්‍රාමීය ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
දශක ගණනාවක් පුරා ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද, මේ වන විටත් පිරිසිදු පානීය ජලය ලැබෙන්නේ රටේ පවුල්වලින් සියයට 60ක පමණ පිරිසකට බවද ඔහු පැවසීය.
ඒ අනුව, සියලු දිස්ත්‍රික්කවල ශක්‍යතා අධ්‍යයනය අවසන් කර ඇති පානීය ජල ව්‍යාපෘති 2027 වසරේ සිට ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය.
එම ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 2,000ක පමණ මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර, නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව කිසිදු ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ youtube නාලිකාවෙන් නරඹන්න.>>>>>>>>





