‘පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු පුද්ගලයන්ට නීතියේ උපරිම දඩුවම් ලබා දෙනවා.’ – අමාත්‍ය විජිත හේරත් – 03.05.2026

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි 01 දින ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මැයි රැලියේදී අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය හා සාධාරණය ඉටු කිරීමට රජය දැඩිව කටයුතු කරන බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ යටගසා මහමොළකරුවන් හංගා තිබූ නමුත් රජය විසින් ජනතාවට දුන් පොරොන්දුව අනුව පරීක්ෂණ නීත්‍යානුකූල...