එස්.බී. දිසානායක.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසන්නේ 2015 වසරේදී මෙරට දුප්පත්කම 4.2% දක්වා අඩුවීමට සමෘද්ධි ව්‍යාපාරය හේතු වූ බවයි.

කෙසේ වෙතත්, 2019 දී ගෝඨාභය රාජපක්ෂට රට භාර දෙන විට ආර්ථිකය -0.2% දක්වා පහත වැටී තිබූ අතර, 2022 දී රට බංකොලොත් වූ බව ඔහු අද මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ කඩා වැටුණු ආර්ථිකය යම් මට්ටමකට ගෙන ඒමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූලික කටයුතු සිදු කළ බවයි.

එහෙත්, හිටපු ජනාධිපතිවරයා සහනාධාර වැඩපිළිවෙළ සමෘද්ධියෙන් ඉවත් කර ක්‍රියාත්මක කිරීම නිසා අස්වැසුම වැඩපිළිවෙළ අසාර්ථක වූ බවද එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.