“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ (09) දිනයේදී මත්ද්‍රව්‍ය වැටලීම් 1284 ක් පොලිසිය විසින් සිදු කර තිබෙනවා.

එම වැටලීම්වලදී සැකකරුවන් 1284 ක් අත්අඩංගුවට සහ 15 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කර සිටියා.

හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 396 කින් හෙරොයින් කිලෝ 07 යි ග්‍රෑම් 21 ක් ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 501 ක් අතරින් අයිස් කිලෝ 04 යි ග්‍රෑම් 715 ක්ද සොයාගෙන ඇත.

මීට අමතරව, වැටලීම් 293 කින් ගංජා කි‍ලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 968 ක් හා ගංජා පැළ 32,111 ක්ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.