උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි ලෙසින්, මිලියන 28කට අධික වත්කම් ප්‍රමාණයක් උපයා ගෙන ඇති සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන ලුතිනන් කර්නල් (විශ්‍රාමික) නෙවිල් වන්නිආරච්චි රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට අධිකරණයෙන් අද (31) නියෝග කර තිබෙනවා.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක්ද නිකුත් කළ අධිකරණය එය ආගමන විගමන පාලකවරයා වෙතද දන්වා යැවීමට නියෝග කෙරුණා.

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් සඳහන් කර සිටියේ, සිද්ධියට අදාලව සැකකරුගේ භාර්යාවගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති බවයි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කාලය තුළ සැකකරුගෙන් ප්‍රකාශ 14ක් පමණ ලබාගෙන ඇති බවද අල්ලස් කොමිසම පවසා සිටියා.

අනතුරුව නඩුව ජනවාරි මස 16 වැනිදා කැඳවන ලෙස ද අධිකරණයෙන්නි යෝග නිකුත් කෙරුණා.