විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන “රටම එකට” මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහන සඳහා ඊයේ (20) දින මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.
මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් සතුව තිබූ දේශපාලන රැකවරණය මේ වන විට මුළුමනින්ම අවසන් කර තිබෙන බවත්, කිසිදු නිලධාරියෙකුට කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවන අතරම, කිසිදු විමර්ශනයකට දේශපාලන මැදිහත් වීමක් සිදු නොවන බවත් ජනාධිපති විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
අදාළ ආයතන තම සීමාවන් තුළ කටයුතු කරමින් තමන් වෙත පැවරී ඇති කාර්යය නිසි ලෙස ඉටු කරනු ඇති බවද, විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මැඬලීම සඳහා පවතින නීති රාමුව ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
මෙම කාර්යයේදී ජනතාවටද විශාල වගකීමක් සහ කාර්යභාරයක් පැවරී තිබෙන බවද, රජය, ආගමික සංස්ථාවන් මෙන්ම ජනතාවද අත්නොහැර, නොපසුබට උත්සාහයෙන් සහ අවධානයෙන් කටයුතු කිරීමෙන් විෂ මත් උවදුර පරාජය කළ හැකි බවද වැඩිදුරටත් පෙන්වා දුන් ජනපති ඒ වෙනුවෙන් පෙරට එන ලෙස සියලු දෙනාට ආරාධනා කරන ලදී.





