අගමැතිනි හරිනි අමරසූරිය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් සමාජීය වගකීමක් සහිත පුද්ගලයින් බිහි කිරීමට උත්සාහ කරන බවයි.
රටට පරිසරයට, සමාජයට සහ එකිනෙකාට ආදරය කරන ව්‍යවසායකයින් අවශ්‍ය බැවින්, යෝජිත ප්‍රතිසංස්කරණ මගින් එක් විෂයකට පමණක් සීමා නොවී, සෑම විෂය සම්ප්රදායකින්ම දැනුම ලබාගෙන පරිපූර්ණ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට යෝජනා කර ඇති බව ඇය පැහැදිලි කළාය.
ආර්ථිකය, ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව වැනි ක්ෂේත්රද අධ්‍යාපන ක්‍රමය තුළ අඩංගු විය යුතු බවත්, එමගින් රට පරිපූර්ණ ශිෂ්ටත්වයකට ගෙන යා හැකි පුද්ගලයින් බිහි කිරීමට හැකි වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
