අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඉන්දියාවේ නිල සංචාරයක නිරතවෙමින්, අද (17) ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
දිල්ලි විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථයෙකු වන ඇය ඊයේ දින එහි පැවති වැඩසටහනකටද එක්ව තිබෙනවා.
ඊට පෙර ඇය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් හමුවී, අධ්‍යාපන සහ ධාරිතා වර්ධනයේ සහයෝගය ශක්තිමත් කිරීම පිළිබඳ කළ සාකච්ඡාවෙන් පසුව ජයිශංකර් මහතා තම X ගිණුමේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය හමුවීමට ලැබුණු සතුට ප්‍රකාශ කරමින්, දෙරට අතර අඛණ්ඩ සහයෝගය පිළිබඳ අවධාරණය වන අයුරින් ලිපියක් පළ කර තිබෙනවා.
තවද, තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය මුකාෂ් ස්ටාලින් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්, කච්චතිව් දූපත යළි ඉන්දියාවට ලබාදීම සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට ඉල්ලීමක් ද ඉල්ලා තිබෙනවා.





