අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය 2026 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී අද (15) පවත්වන ලදී.
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව චාරිත්‍රානුකූලව මෙය සංවිධානය කරන ලදී.
ඒ අනුව උදෑසන ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවයට එක් වන ලදී.





