ඊයේ (20) දින දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශ්‍රවණාගාරයේදී පැවති ජාතික ශිෂ්‍ය වීර දින සැමරුමේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සිය ශිෂ්‍ය ජීවිතයේ අත්දැකීම් සිහිපත් කරමින් ප්‍රකාශ කළේ, එවකට ශිෂ්‍යයන් අරගල කළේ දේශපාලන වාසි සඳහා නොව මූලික අවශ්‍යතා සහ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා බවයි.
මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කිරීම, නේවාසිකාගාර පහසුකම්, පානීය ජලය සහ විශ්වවිද්‍යාල පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් වීදි බැස අරගල කළ බව සඳහන් කළ ඔහු, එම කාලයේ දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන් බවද පැවසීය.
වර්තමානයේ ශිෂ්‍ය උද්ගෝෂණ අඩුවී ඇත්තේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් බලයේ සිටින නිසා නොව, ශිෂ්‍යයන්ගේ සහ ජනතාවගේ ඉල්ලීම් තේරුම් ගනිමින් ඒවාට විසඳුම් ලබාදීමට රජය කටයුතු කරන නිසා බවද අමාත්‍යවරයා පැවසීය.
පසුගිය වසර එකහමාර තුළ මහපොළ සහ ශිෂ්‍ය සුබසාධන වැඩසටහන් ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බවද සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ youtube නාලිකාව හරහා නරඹන්න.>>>>>>>





