විගණකාධිපතිතුමා පත්කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිතුමන්ට එවන ලද ලිපිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාරුවන් විසින් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්ණ කලේය.
ඒ ඊයේ (27) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
විගණකාධිපතිවරයා පත්කිරිම සම්බන්ධව ඔහුට තිබිය යුතු සුදුසුකම් ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව ලියා ඇති බවත් ජනාධිපති කටයුතු කරනු ලබන්නේ ඒ අනුව බව මෙහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර සිටියේය.
විපක්ෂනායකතුමාගෙත් අගමැතිවරියගේත් එකගතාවයෙන් ව්‍යවස්ථාදායක සභාවෙ තුන්දෙනෙකු පත්කරගන්න හැකි වූයේද පසුගිය සතියෙ බවත් ජනපති නිර්දේශ කළ නම් ඇති බවත් මෙහිද සදහන් කරන ලදී.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් වැඩිදුරත් ප්‍රකාශ කරන ලද්දේ ඒ අනුව විගණකාධිපති තනතුරේ කටයුත්තද ගැටළුවක් ඇති නොවන ආකාරයට විසදෙමින් පවතින බව පෙනෙන අතර එයද ඉතාම ඉක්මනින් විසදෙන බවය.
එම සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් දැන් නැරඹිය හැකිය.





