ලංකා ගමනාගමන මණ්ඩලයේ මානව හා භෞතික සම්පත් වැඩිදියුණු කරමින් ලබන වසර අවසන් වන විට එහි මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කරන ලදී.

ඔහු සඳහන් කරන ලද්දේ රියදුරන් 1,027ක්, කොන්දොස්තරවරුන් 200කට ආසන්න පිරිසක් සහ කාර්මික සේවකයන් 400කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම නව බස් රථ 200ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින බවත්, තවත් බස් රථ 600ක් සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ලබන වසරේ පළමු කාර්තුව වන විට නව බස් රථ 800ක් පමණ ලංගම බස් ඇණියට එක් කිරීමට අපේක්ෂා කරන බවද,
කඳුකර මාර්ග සඳහා කෙටි මාදිලියේ බස් රථ 250ක් පමණ ලබාගැනීමටද 2027 අයවැය හරහා යෝජනා කර ඇති බව ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම GPS තාක්ෂණය සහිත පාලන මැදිරියක් ස්ථාපිත කිරීමටද කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>