සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක හා වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පක්ෂයේ වත්මන් ප්‍රතිපත්ති පිළිබඳ තමන් සෑහීමට පත් නොවන බව, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ඔහු පවසා ඇත.

මෙය ස්වාර්ථසාධක දේශපාලන පියවරක් නොව, මාතෘභූමිය අභියස පවතින කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන අභියෝග ජයගැනීම වස්, පෞද්ගලික අභිමතාර්ථයත් පසෙකලා ගනු ලැබූ තීරණයක් බවද රෙහාන් ජයවික්‍රම සිය ලිපියෙහි සඳහන් කර තිබෙනවා.