‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (04) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 911 ක් සිදු කර ඇත.
එම වැටලීම්වලදී සැකකරුවන් 15 දෙනෙකුට රැදවුම් නියෝගද, සැකකරුවන් 906 ක් අත්අඩංගුවටද, ගත් බව පොලීසිය ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 307 කින් හෙරොයින් ග්‍රෑම් 409 ක්ද , අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 337 ක් අතරින් අයිස් ග්‍රෑම් 726 ක්ද සොයාගෙන ඇති බවද සඳහන් වේ.
මීට අමතරව, වැටලීම් 198 කින් ගංජා කිලෝග්‍රෑම් 25 යි ග්‍රෑම් 993 ක් හා ගංජා පැළ 2689 ක්ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ සම්පූර්ණ වාර්තාව පහතින් දක්වා ඇත






